CoViD-19 වසංගත තත්ත්වය හමුවේ අපගේ දරුවන් වෙනුවෙන් අපගේ ගුරුභවතුන් සිදුකල තවත් මෙහෙවරක් ගැන කියන්නයි මගේ මේ සූදානම.
කැලණිය විශ්වවිද්‍යාලය මගින් NelCon Studio නම් වූ මෘදුකාංගය ඔස්සේ තවත් අපූරු ක්‍රමයකට පාඩමක් සකස් කරගන්නා ආකාරය හඳුන්වා දුන්නා. සාමාන්‍යයෙන් අපි දන්නා විදියට mp3 file එකක් යනු ශබ්දය පමණක් තිබිය හැකි file එකක්.
නමුත් කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්ෂණ පීඨයේ පීඨාධිපති ආචාර්‍ය් ගාමිණී විජයරත්න මහතා කරගෙන ගිය පර්යේෂණයක අතුරු ප්‍රතිඵලයක් ලෙස mp3 file එකක් ඇතුළට පින්තූර සහ අකුරු ඇතුළත් කරන්නට පුළුවන් බව සොයාගෙන තිබෙනවා.
ඉතින් මේක ඇත්තටම අපේ අධ්‍යාපන කටයුතු සඳහා වැදගත්වන්නේ ඇයි? අපේ දරුවන්ට අපි වීඩියෝ ආශ්‍රිතව පාඩම් යැවුවත් අන්තර්ජාල ගාස්තු Data අයකිරීම් හමුවේ යම් යම් අවස්ථාවල ඔවුනට එම වීඩියෝ පාඩම් නැරඹීමට අපහසුතාවක් තිබෙනවා.
නමුත් මෙම ක්‍රමවේදය ඔස්සේ අපිට අපේ පාඩමකට අදාලව පින්තූර JPEG ක්‍රමයට සකස්කරගෙන, එයට අපි දරුවන්ට උගන්වන ආකාරයෙන් හඬ mp3 ක්‍රමයට පටිගතකරලා අවශ්‍ය නම් සටහනක් Notepad එක මගින් .txt file එකක් ලෙසත් Save කරලා එක් එක් පින්තූරවලට අනුව අපේ පටිගත කල හඬේ කාලය අනුව පාඩමක් සකස් කරගන්න පුළුවන්. මේ පිළිබඳව ඔබට පහත වීඩියෝව නැරඹුවා නම් පැහැදිලි වෙනවා.
ඇත්තටම මෙහි දී අවසානයේ නිර්මාණය වන්නේ mp3 file එකක්. නමුත් සාමාන්‍ය Media Player එකකින් Play කලාට අපිට ඇහෙන්නේ හඬ විතරයි. නමුත් NelCon Media Player එක මගින් Play කලවිට අපිට හඬ සමග රූප සහ සටහන දෙකම බලන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකක් වගේ පෙනුනට ඇත්තටම mp3 file එකක්. ඒ නිසා ඉතාම බරින් අඩු file එකක් හැටියට අපේ පාඩම ළමයින්ට යවන්න පුළුවන්.
මේ පිළිබඳව කැලණිය කලාප අධ්‍යාපන කාර්යාලයෙන් අපගේ තොරතුරු තාක්ෂණ ගුරුභවතුන්ට වැඩමුළුවක් පවත්වා තිබුණා. ඔවුන්ට මේ පිළිබඳව තම පාසල්වල ගුරුභවතුන් ව දැනුවත් කරන ලෙස දන්වා තිබුණා.
ඒ අනුව අපේ පාසලේ සුහුරු ගුරු තානාපති, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විෂය භාර ආචාර්ය මාධව විජේසේකර මහතා අපගේ අනිත් සුහුරු ගුරු තානාපතිවරු වන පසන් හෙට්ටිආරච්චි මෙය සහ එස්. කුමරගුරු මහතා සමග එක් වී දින 5 ක වැඩමුළුවක් සිදුකලා.
පළමුව විෂයයන් අනුව අපේ ගුරුභවතුන්ට කාලසටහනක් හැදුවා.
පහත දැක්වෙන්නේ අපගේ ගුරුභවතුන් ඒ සඳහා සහභාගී වූ ආකාරයයි. ආචාර්ය මණ්ඩලයේ වැඩි පිරිසක් මෙයට සහභාගී වූවා. ප්‍රායෝගික හේතූන් මත ඇතැම් ගුරුභවතුන්ට සහභාගී වන්නට නොහැකි වුනත් ඔවුන් නිවසේ සිටම මෙය අත්හදා බලලා තිබුණා. ඒ වගේම ඒ සෑම අවස්ථාවකම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට හැසිරෙන්නටත් අපගේ ගුරුභවතුන් අමතක කලේ නැහැ. ඒ ගැනත් මම සඳහන් කල යුතුයි.