බොහෝ කාලයකට පසුව බ්ලොග් පෝස්ට් එකක් පළකරන්න අවස්ථාවක් ලැබුණා.
අපගේ සාන්ත ආනාව සුහුරු පාසලක් කිරීමේ කාර්ය දිනෙන් දිනම සාර්ථකව යන ගමනේ දී, අප මෙතෙක් ආ ගමන තවත් පිරිසකට හඳුන්වා දී ඔවුන් තුළත් මේ ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට පුංචි උදව්වක් කරන්න අපිට හැකිවුණා.
ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තාක්ෂණය යොදාගනිමින් පරිවර්තනය කලයුතු ආකාරය පිළිබඳ වැඩසටහනක්, Microsoft සමාගමේ අනුග්‍රහයෙන්, කොළඹ පදවියේ කතෝලික පාසල් සඳහා 2018-11-17 වන දින මීගමුව, Benedict XVI Catholic Institute of Higher Education හි පැවැත්වුණා.
මෙම වැඩසටහන මෙහෙයවන ලද්දේ Microsoft Innovative Educator නොඑසේ නම් Microsoft සමාගමේ නව තාක්ෂණය උපයෝගී කරගනිමින් අධ්‍යාපන කටයුතු කිරීම පිළිබඳව උපදේශකවරු ලෙස කටයුතු කරන Swapna Pawar මහත්මිය සහ Lim Cheng Bee මහත්මිය විසින්.
මේ සඳහා ආරාධිත කථිකයෙකු ලෙස අප පාසලේ සුහුරු ගුරු තානාපති මාධව විජේසේකර මහතා සහභාගී වීම මට ඉතා සතුටක් දනවන කරුණක්. මගේ සහෝදර කතෝලික පියතුමන් සහ කන්‍යා සොහොයුරියන්ට අපගේ පාසල සුහුරු පාසලකට පරිවර්තනය කිරීමේ මෙතෙක් ආ දුර විදහා දක්වා ඔවුනට හැකි පමණින් උපකාරයක් කරන්නට ලැබීම මට විශාල සතුටක්.
අපගේ සුහුරු ගුරු තානාපති මාධව විජේසේකර මහතා විසින් එම වැඩමුළුවේ දී අප පාසල තාක්ෂණික වෙනස්කම් සමගින් මෙතෙක් ආ දුර පැහැදිලි කල ආකාරය පහත වීඩියෝවෙන් බලන්න පුළුවන්.