Thursday, March 19, 2020

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට MS Teams මගින් සාන්ත ආනාව දුරස්ථ ඉගෙනුම් ක්‍රියාවලිය සිදුකරයි

ඇත්තටම මේ ලිපිය ලියන්නේ ටිකක් කණගාටුවෙන්. මුළු ලංකාවම පමණක් නොවෙයි මුළු ලෝකයම කොරෝනා වසංගත තත්ත්වයෙන් වැහිලා ගිහින්. සොබාදහම මිනිස් සංහතියටම අපූරු පාඩමක් කියා දුන් අවස්ථාවක් මේක. ඉතින් මේ තත්ත්වය උඩ අපේ රටෙත් පාසල් අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන් ම අඩපණ වුනා.

මෙවැනි අවස්ථාවක දී පාසල් කවදා යළි ආරම්භ කරන්න පුළුවන් වෙයි ද? එතෙක් කොහොමද අපේ දරුවන්ට අපේ අධ්‍යාපන කටයුතු කරවන්නේ? මෙවැනි ගැටලුවලට විසඳුම් හොයන අතරවාරයේ අපේ පාසලේ සුහුරු ගුරු තානාපති මාධව විජේසේකර මහතා පළමු වතාවට අත්හදා බැලීමක් සිදුකලා MS Teams මගින්. 

දුරස්ථව ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලිය සිදුකිරීම සඳහා O365 මගින් ලබාදෙන මෙම මෘදුකාංගය යොදාගත හැකි ආකාරය මම මීට කලින් ලිපියක පැහැදිලි කර තිබුණා. එහි තවත් එක් ඉදිරිපියවරක් තබමින් සජීවීව සිසුවියන් සම්බන්ධ කරගෙන 2020-03-18 දින අ.පො.ස. උසස්පෙළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය විෂය යටතේ පාඩමක් ඔහු විසින් උගන්වා තිබුණා. එයට අපේ පාසලේ 12 සහ 13 ශ්‍රේණිවල සිසුවියන් සම්බන්ධ වූ අතර මෙහි තාක්ෂණික නිරීක්ෂණය සඳහා Dialog සමාගමේ අසිත් ද සිල්වා මහතා සහ HeadStart සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හසිත දෑල යන මහත්වරු ද සහභාගී වූවා. 




ඔවුන් පවසන පරිදි ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට MS Teams මගින් සිදුකල පාඩම් මාලාව මෙයයි. ඒ සඳහා සාන්ත ආනාව දායක වීම ගැන විදුහල්පතිනිය ලෙස මම නිහතමානීව සතුටු වෙනවා.




මෙම ක්‍රමවේදය පිළිබඳව එම පාඩමට සහභාගී වූ අපගේ සිසුවියන්ගේ ප්‍රතිචාර මෙසේයි. එම ප්‍රතිචාර මෙම ක්‍රමවේදය ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා බෙහෙවින් ඉවහල් වේ යැයි අපි සිතනවා.










එසේම මෙම අත්හදා බැලීම සඳහා වෙනත් පාසල්වල ගුරුභවතුන් ද සම්බන්ධ වූ අතර මේ ඔවුන්ගේ ප්‍රතිචාරයි.