Friday, August 13, 2021

විදෙස්ගත ආදි ශිෂ්‍යාවන්ගෙන් E-Board එකක් පරිත්‍යාග කෙරේ

බොහෝ කාලයකට පසුව ලිපියක් පළකරන්න මම හිතුවා. Covid-19 වසංගත තත්ත්වය හමුවේ පාසල් අධ්‍යාපනය බිඳවැටී තිබෙන මොහොතක පාසලේ ඉදිරි අනාගතය වෙනුවෙන් සම්පත් දියුණු කිරීමේ උත්සාහය අපි අතහැර නැහැ.

ආනාවට නිරන්තරයෙන් ශක්තියක් වන අපගේ ආදි ශිෂ්‍යාවන් ලොව පුරා විසිරී සිටිනවා. මෙම පාසල සුහුරු පාසලක් කරන්නට පටන්ගත් දා සිට ම ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය අතිමහත්. එවැනි එක් සුවිශේෂී අවස්ථාවක් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ වෙසෙන ආදි ආනාවියන්ගේ එකමුතුව අප පාසලට E-Board එකක් පරිත්‍යාග කිරීම දැක්විය හැකියි. ඔවුන් සමග සම්බන්ධීකරණයේ යෙදෙමින් මෙම කටයුතු සාර්ථක කරගැනීම සඳහා සාන්ත ආනා බාලිකා මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවන්ගේ සංගමයේ ක්‍රියාකාරී සමාජිකා ලතිකා මනීෂා ද සිල්වා මහත්මිය ද දායක වූ බව මම සඳහන් කළ යුතුයි.

මෙම පරිත්‍යාගය සඳහා දායක වූ ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ වෙසෙන ආදි ආනාවියන් මෙසේයි.

  1. සිල්වියා ද සිල්වා
  2. මොනිකා ද සිල්වා
  3. සින්තියා ද සිල්වා
  4. මානෙල් පීරිස්
  5. ඇලෝමා රාමනාදන්
  6. ඇලෝමා අමරතුංග
  7. ෂ්‍යාමලී පෙරේරා
  8. මලීකා පෙරේරා
  9. ෂමිලා කරුණානායක
  10. අයේෂා ෆුවාර්ඩ්
  11. ෂ(z)ස්නා මන්තාරා
MAT International ආයතනයේ නියෝජිතයින් සමග එකතු වී මෙම පරිත්‍යාගය 2021-08-14 දා අප පාසලට ලැබුණු අතර එය පාසලේ පරිගණක විද්‍යාගාරයේ ස්ථාපනය කරන ලදී. මේ වන විට දැඩි අවශ්‍යතාවක් ලෙස පැවති එම ස්ථානයට මෙම E-Board එක ලැබීම පාසල් ආරම්භ වුණු දිනෙක අපගේ සුහුරු පාසල් අධ්‍යාපනයේ තීව්‍ර වන අවස්ථාවක් වේ යැයි මම විශ්වාස කරනවා.