මම මීට පෙර ලිපියක් පල කලා E - Board සම්බන්ධ වැඩමුළුවකට සහභාගී වුණා කියලා.
එම ලිපිය මෙතනින් කියවන්න පුළුවන්.
ඉතින් මේ ලිපිය අවසානයේ දී මම සඳහන් කරලා තිබුණා මගේ සිහිනය පළමුව මගේ පාසලේ සුහුරු පන්ති කාමරයකට මෙවැන්නක් ලබා ගැනීමයි. කෙසේ හෝ මම එම අරමුණ කරා යනවා. කියලා.
ඔව් ඒ අරමුණ සාක්ෂාත් කරගනිමින්, අද දවසේ දී මම ඒ සිහිනය සැබෑ කරගත්තා. අපේ පාසලේ ඉතිහාසයේ ප්රථම විද්යුත් පුවරුව, E - Board එක අපේ පාසලේ දැනට සකසා ඇති සුහුරු පන්ති කාමරයේ ස්ථාපනය කලා.
අපේ පාසලේ ගුරු භවතුන් හට මේ සඳහා පුහුණුවක් ලබා දී එයින් විපුල ප්රයෝජන ගැනීමත්, මේ හරහා දෙමාපියන් දැනුවත් කර තවත් මෙවැනි විද්යුත් පුවරු අප පාසලට ලබාගැනීමට හැකිවෙතැයි මම අපේක්ෂා කරනවා.
ඔබ තුමියගේ බ්ලොග් අඩවියේ සියලු ලිපි එක හුස්මට කියවා ගියෙමි. ඔබ තුමිය සහ ඔබේ තානාපති වරුන්, SMART SCHOOL වැඩසටහනේ මූලික අරමුණු නිසි පරිදි අවබෝධකරගෙන ඇති බවත්, ඒ වෙනුවෙන් දැඩි කැපවීමකින් කටයුතු කරන බවත් දැකීම අතිශය සතුටු දනවන්නක් බව සටහන් කර තබමි.
ReplyDeleteඔබගේ ප්රතිචාරයට බෙහෙවින් ම ස්තූතියි
ReplyDelete