නැණස සුහුරු පාසල් ව්‍යාපෘතියේ සුහුරු ගුරු තානාපතිවරු සඳහා වූ පස්වන සහ අවසාන පුහුණු සැසිය කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශයේ 2017 දෙසැම්බර් 29 දා පැවැත්වූවා.
ඒ සඳහා මගේ පාසලේ සුහුරු ගුරු තානාපතිවරු තිදෙනා ම නැවතත් සහභාගී වූවා.
ජංගම දුරකථනයට Virtual Reality වීඩියෝවක් ඇතුළත් කර, VR Box නම් උපකරණයට ජංගම දුරකථනය ඇතුළත් කර ඔවුන් එය නරඹා තිබුණා.
ඉන්පසු ඔවුන් තවත් අපූරු අත්දැකීමක් ලබාගෙන තිබුණා. එනම් කවදාවත් හැබැහින් දකින්න බැරි මිනිස් සිරුරත්, හෘදය වස්තුවත් ඔවුන් සියැසින් දැක තිබුණා. ඒ Augmented Reality තාක්ෂණය ඔස්සේ.
ඒ හරහා Anatomy 4D නම් App එක ජංගම දුරකතනයේ ස්ථාපනය කර http://anatomy4d.daqri.com/documents/anatomy-posters-all.pdf යන සබැඳියෙන් මිනිස් සිරුර සහ හෘදය වස්තුව පෝස්ටර් වලට ජංගම දුරකථනයෙන් App එක විවෘත කර ඇල්ලූ විට හැබැහින් ම මිනිස් සිරුර සහ හෘදය වස්තුව දැක තිබුණා. තාක්ෂණය මේ තරම් දියුණු යුගයක් කරා ඇවිත් තිබෙනවා ද යන්න මට අවබෝධ වූයේ ඒ ගැන ඇසීමෙන් පසුවයි. මෙවැනි තවත් App වර්ග ගණනාවක් තිබෙන බව මට දැනගන්නට ලැබුණා.
ඉන්පසු මෙම පුහුණුවේ අවසාන වශයෙන් ඔවුන් E-Board ගැන දැනුවත් වී තිබුණා. ඔවුන් එහි කුඩා අත්හදාබැලීම් ද කර තිබුණා.
සත්‍ය වශයෙන්ම මේ පුහුණු සැසි වලට සහභාගී වීම නිසා, ඔවුන් අළුත් දේවල් ගණනාවක් ඉගෙන ගත් බවටත් මා වෙත ප්‍රකාශ කර සිටියා.
පහත දැක්වෙන්නේ එහි වීඩියෝවයි.
ඒ හරහා Anatomy 4D නම් App එක ජංගම දුරකතනයේ ස්ථාපනය කර http://anatomy4d.daqri.com/documents/anatomy-posters-all.pdf යන සබැඳියෙන් මිනිස් සිරුර සහ හෘදය වස්තුව පෝස්ටර් වලට ජංගම දුරකථනයෙන් App එක විවෘත කර ඇල්ලූ විට හැබැහින් ම මිනිස් සිරුර සහ හෘදය වස්තුව දැක තිබුණා. තාක්ෂණය මේ තරම් දියුණු යුගයක් කරා ඇවිත් තිබෙනවා ද යන්න මට අවබෝධ වූයේ ඒ ගැන ඇසීමෙන් පසුවයි. මෙවැනි තවත් App වර්ග ගණනාවක් තිබෙන බව මට දැනගන්නට ලැබුණා.
ඉන්පසු මෙම පුහුණුවේ අවසාන වශයෙන් ඔවුන් E-Board ගැන දැනුවත් වී තිබුණා. ඔවුන් එහි කුඩා අත්හදාබැලීම් ද කර තිබුණා.
No comments:
Post a Comment