මීට පෙර ලිපියක මම සඳහන් කලා අපේ පාසලට ප්රථම විද්යුත් පුවරුව ස්ථාපනය කලා කියලා. එහි අවසානයට මා සඳහන් කර තිබුණා මේ විද්යුත් පුවරුව භාවිතය සම්බන්ධයෙන් අපේ ගුරුභවතුන්ට පුහුණුවක් ලබා දී ඉන් විපුල ප්රයෝජන ගැනීම කල යුතුයි කියලා.
එම ක්රියාවලිය සාර්ථක කර ගනිමින්, පාසල් නිවාඩු කාලයේ එනම් 2017 දෙසැම්බර් 29 දා අපේ පාසලේ තෝරාගත් ගුරු භවතුන් පිරිසකට එම විද්යුත් පුවරුව භාවිතය සම්බන්ධයෙන් පුහුණු වැඩසටහනක් පැවැත්වූවා. මෙහි විශේෂත්වය වන්නේ තෝරාගත් ගුරු භවතුන්ට අමතරව අනෙක් ගුරු භවතුන්ටත් විවෘත ආරාධනාවක් කර තිබුණා එයට සහභාගී වීම සඳහා. එමනිසා එය කොතරම් සාර්ථක වී ද යත් බලාපොරොත්තු වූවාට වඩා වැඩි පිරිසක් එයට සහභාගී වූවා.
එමගින් ප්රථම අදියරේ දී විද්යුත් පුවරුව භාවිතා කර පාඩම් ඉගැන්වීම සිදුකිරීමට ක්රමවේදයක් සකස් කර ගැනීමත්, ඉන්පසු එම ගුරුභවතුන් විසින් අප පාසලේ අනෙක් සහෝදර ගුරු භවතුන්ටත් එම දැනුම බෙදා දීමත් මම අපේක්ෂා කරනවා.
පුහුණු සැසිය මෙහෙයවන ලද්දේ අප විද්යුත් පුවරුව මිල දී ගත් MAT International ආයතනයේ ක්රියාකාරී කළමනාකරු භානු ගුරුගේ මහතා විසිනි.
No comments:
Post a Comment