Tuesday, February 18, 2020

2019 වසරේ ලංකාවේ හොඳම Smart Teacher සාන්ත ආනාවෙන් !!!









සුබ නව වසරක් ඔබ සියලු දෙනාටම. සෑහෙන කාලයකින් ඔබට ලිපියක් ලියන්න මට බැරි වුණා. 2020 නව වසරේ පළමු ලිපියෙන් ම ඔබ ව හමුවන්නට මම එන්නේ අතිශය ප්‍රීතිමත් පණිවිඩයක් සමගයි !!!

අපේ පාසල Smart School ව්‍යාපෘතිය සමග සම්බන්ධ වෙලා දැන් අවුරුදු  තුනක් විතර වෙනවා.  ඉතින් මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙලා ඉන්න පාසල් අතරේ ගුරුභවතුන් ඇගයීමට ලක් කිරීමේ සම්මාන උළෙලක් Dialog Axiata සමාගමේ සහ HeadStart ආයතනයේ අනුග්‍රහයෙන් වාර්ෂිකව පැවැත්වෙනවා.  එය නම් කර තිබෙන්නේ  Nenasa Smart School Awards නමින්.

ඉතින් 2019 වසරේත් මෙම සම්මාන උළෙල සඳහා තරග දැනට මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන  බස්නාහිර, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත් 4 න්, දිස්ත්‍රික්ක 8 ක් ආවරණය කරමින් පැවැත්වුණා.

එහි අවසන් පූර්ව වටයේ තරග  පසුගිය දෙසැම්බර් මාසයේ පැවැත්වූ අතර තරග කාණ්ඩ හතරක් මේ තරග තරගාවලියේ දී පැවැත්වුණා.

  1. Smart Teacher
  2. Smart Content
  3. Smart Ambassador
  4. Smart School


මේ තරගය හතරෙන්ම අවසන් පූර්ව වටයේ දක්වා පැමිණීමට  සාන්ත ආනා බාලිකාවට හැකිවුණා.  මේ තරගය හතරම අපේ පාසල නියෝජනය කළේ අපේ සුහුරු තානාපති මාධව විජේසේකර මහතා විසින්. ඉතින් එයින් Smart Teacher තරග අංශයෙන් අවසන් වටයට සුදුසුකම් ලැබීමට අපේ මාධව විජේසේකර ගුරු මහතාට හැකි වූවා. 

එහි අවසන් මහා තරගය පැවැත්වූයේ 2020 පෙබරවාරි 01 දා Dialog Axiata සමාගමේ ශ්‍රවණාගාරයේදී.



මෙම තරග කාණ්ඩ අංශයෙන් අවසන් වටය සඳහා  ඔහුට අමතරව  තවත් තරගකාරිනියන් දෙදෙනෙක් සුදුසුකම් ලබා තිබුණා. නමුත් ඔවුන් දෙදෙනාම අභිබවා  පළාත් 4 ක දිස්ත්‍රික්ක 8 ක පාසල් 153 ක ගුරුභවතුන් 160 ක් අතුරින් අපේ පාසලේ මාධව විජේසේකර ගුරුමහතා 2019 වසරේ ලංකාවේ හොඳම සුහුරු ගුරුවරයා ලෙස සම්මාන ලබා ගත්තා. 

තරග ප්‍රතිඵල මෙසේයි
  • ප්‍රථම ස්ථානය - මාධව විජේසේකර මයා - බප/කැල/ සාන්ත ආනා බාලිකා මහා විද්‍යාලය - වත්තල
  • දෙවන ස්ථානය - කුසුම් උදයකාන්ති මිය - බප/කැල/ ශ්‍රී ධර්මාලෝක මහා විද්‍යාලය - කැලණිය
  • තෙවන ස්ථානය - මාලා ලාලනී රාජපක්ෂ මිය - නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය - නුගවෙල



ඉතින් සියවස සපුරන මේ 2020 වසර ආරම්භයේ දී ම සාන්ත ආනාවට මෙවැනිම ජයග්‍රහණයක් ලබන්නට හැකිවීම ගැන අපි සියලුම දෙනාටම ඇත්තේ විශාල සතුටක්. මාධව විජේසේකර ගුරුමහතාට අපේ පාසලට මෙසේ කීර්තියක් අත්කර දීම ගැන උණුසුම් සුභ පැතුම් මම එකතු කරනවා.

No comments:

Post a Comment