පසුගිය ලිපියෙන් මම සඳහන් කලා සුහුරු පාසලේ අලුත් අත්හදා බැලීම් ලෙස Smart Textbook භාවිතා කරනවා කියලා. මෙම ලිපියෙන් එහි තවත් දිගුවක් ගෙන හැර දක්වන්නට මම කැමැතියි.
පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් නිසා බොහෝ පාසල්වලට මාසයක පමණ කාලයක් අධ්‍යයන කටයුතු සඳහා අහිමි වුණා. එවිට ඇතිවූ ගැටලුව තමයි දෙවන වාරය සඳහා අධ්‍යයන කටයුතු නියමිත විෂය නිර්දේශ ආවරණය කරන්නේ කොහොමද කියන එක. මේ සඳහා මම උත්සාහ කලා සිසුවියන්ට නිවසේ සිටම තම අධ්‍යයන කටයුතු සිදුකරන්නට ක්‍රමයක්.
මේ සඳහා විකල්පයක් හොයන විට මගේ සුහුරු ගුරු තානාපති මාධව විජේසේකර මහතා විසින් එක්තරා අත්හදා බැලීමක් කර තිබුණා. ඔහු අපේ පාසලේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය විෂය උගන්වන ගුරුභවතෙක්. ඔහුගේ 10 වසර සිසුවියන් සඳහා තමන්ට නියමිත කාලඡේදවල ඉගැන්වීම් කටයුතු කර ඇගයීම් සඳහා Microsoft Teams නම් App එක යොදාගෙන තිබුණා.
Smart School ව්‍යාපෘතිය යටතේ අප පාසලට Office 365 පහසුකම ලැබී තිබෙන බව මම මීට පෙර ලිපිවලින් ඔබට පවසා තිබෙනවා. මෙහි එන එක App එකක් ලෙස Microsoft Teams හඳුන්වා දෙන්න පුළුවන්.
එමගින් අප පාසලේ සිටින සිසුවියන්ට Office 365 ගිණුම් සාදා දුන් පසු ඔවුන්ට ද එම App එක දැකගත හැකිවෙනවා. අවශ්‍ය නම් Google Play Store හෝ Apple Store හරහා හෝ මෙය ජංගම දුරකතන, ටැබ් පරිගණකවල ඇතුළත් කරන්නට පුළුවන්.
මෙමගින් ගුරුභවතාට තමන්ගේ පන්තිවලට අදාල සිසුවියන් සඳහා Teams නිර්මාණය කරගත හැකියි. එය හරියට සමාජ ජාලාවල දක්නට ලැබෙන Group එකක් හා සමානයි. ගුරුභවතාට එම Teams වලට අදාල සිසුවියන් Add කර ඔවුන් සමග විෂයානුබද්ධ කරුණු සාකච්ඡා කරන්නට පුළුවන්. එසේම ඇගයීම් Online ක්‍රමයට ලබා දී සිසුවියන්ට ම තමා සැපයූ පිළිතුරු නිවැරදි ද යන්න පරීක්ෂා කර ගැනීමටත්, තමා ලබාගත් ලකුණු ප්‍රමාණය කොපමන ද යන්න දැනගැනීමටත් පුළුවන්.
මෙය උසස් පෙළ සිසුවියන්ට මුල සිටම පාඩම් මාලාවන් ලබා දීමට යොදාගත්තත් ඇගයීම් ලබා දීම මෙතෙක් කාලයක් සිදුවූයේ නැහැ. එය කොතරම් සාර්ථක ද යන්න අත්හදා බැලීමක් මාධව විජේසේකර මහතා විසින් සිදුකර තිබුණා.
ඔහුගේ සාමාන්‍ය පෙල සිසුවියන් සඳහා සංඛ්‍යා පද්ධති (Number Systems) පාඩම උගන්වා අවසන් කල පසු ප්‍රශ්න පත්‍රය කට්ටල තුනක් ලබා දී තිබුණා. ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමට දැනට තිබෙන වාතාවරණය හමුවේ කාලය නොමැති නිසා ත් එසේ කිරීමට කාලය වෙන්කල හොත් ඉදිරි පාඩම් සඳහා කාලය කලමනාකරණය කරගැනීමට අපහසුවන නිසාත් ඔහු ඒ සඳහා Microsoft Teams හරහා එම ප්‍රශ්න Quiz ලෙස නිර්මාණය කර සිසුවියන්ට share කර තිබුණා.
යම් කිසි කාල සීමාවක් තුල තමා විසින් ලබාගත් පිළිතුරු එම ඇගයීමට online ආකාරයට යොමු කර ඒ මොහොතේම පිළිතුරු ලබාගැනීමට සිසුවියන්ට එමගින් හැකිවූ අතර තමා ලබාගත් ලකුණු ප්‍රමාණය එවේලේම ඔවුන්ට දැකගත හැකිවුණා. මෙය නැවුම් අත්දැකීමක් ලෙස සිසුවියන්ගෙන් දැනගන්නට ලැබුණා. එසේම දෙමාපියන්ගෙනුත් යහපත් ප්‍රතිචාර ලැබී තිබෙනවා.
ඉතින් Smart School ව්‍යාපෘතිය යටතේ අප පාසලට ලැබුණ ඉගෙනුම් කලමනාකරණ පද්ධතිය (Learning Management System) හරහා දුරස්ථ අධ්‍යාපනය තවදුරටත් සිසුන්ට කල හැකි නිසා ඉදිරියේ දී ඒ සමග කටයුතු කරන්නට අපේ ගුරුභවතුන් දැන් ලැහැස්ති වෙනවා.
තමන් දන්න දේ අනුන්ට කියා දීමත්, තමන් නොදන්නා දේ අනුන්ගෙන් ඉගෙන ගැනීමත් මම හැමදාම අනුමත කරන දෙයක්. මේ ව්‍යාපෘතිය සමග සම්බන්ධ වුණු අනෙකුත් පාසල්වලිනුත් යම් යම් දේවල් ඉගෙනගෙන අපේ පාසලත් ඒ මට්ට්ම දක්වා රැගෙන එන්නට මම කටයුතු කරනවා.
No comments:
Post a Comment