MS Teams මගින් අප කල නියාමන පරීක්ෂණය සාර්ථක වූ නිසා ම අපගේ පාසලේ සියලුම ශ්‍රේණිවල ගුරුභවතුන් සිසුවියන්ට පැවරුම් ලබා දීමට පෙළඹුණු ආකාරය මම කලින් ලිපියේ සඳහන් කර තිබුණා.
දැන් මම කියන්න යන්නේ එයින් තවත් ඉදිරියට ගිය පියවරක් ගැන. ඒ සජීවීව අපගේ දරුවන් සමග ගුරුභවතුන් MS Teams මගින් සම්බන්ධ වී ඉගැන්වීම. මෙතෙක් අපගේ තොරතුරු තාක්ෂණ ගුරුභවතුන් පමණක් සිදුකරන ලද මෙම අත්හදා බැලීම ඉන් ඔබ්බට ගොස් වෙනත් විෂයන් උගන්වන ගුරුභවතුන් සිදුකරන්නටත් පටන් ගත්තා. එසේම මෙහි දී අවශ්‍ය නම් පාඩම පටිගත කරගැනීමේ පහසුකමත් තිබෙන නිසා සහභාගී වීමට නොහැකි වූ දරුවන්ට ද එම පාඩම මගහැරෙන්නේ නැහැ.
මේ දැක්වෙන්නේ එවැනි පටිගත කරන ලද අවස්ථා කිහිපයක්.
13 ශ්‍රේණිය - ගිණුම්කරණය - තුෂාරි ගලප්පත්ති මිය
මේ දැක්වෙන්නේ එවැනි පටිගත කරන ලද අවස්ථා කිහිපයක්.
13 ශ්‍රේණිය - ගිණුම්කරණය - තුෂාරි ගලප්පත්ති මිය
11 ශ්‍රේණිය - ඉතිහාසය (දෙමළ මාධ්‍යය) - ජෙලන්සි රොහාන් මිය
මීට අමතරව අපගේ ගුරු භවතුන් තවත් ක්‍රමවේද භාවිතා කරමින් පාඩම් සැකසීමට උත්සුක වූවා. ඒ ගැනත් මම ඉතාම සතුටු වෙනවා. පහත දැක්වෙන්නේ එවැනි උදාහරණ කීපයක්.
13 ශ්‍රේණිය ආර්ථික විද්‍යාව - කේ. ආර්. රංජිත් පෙරේරා මයා (නියෝජ්‍ය විදුහල්පති) Bandicam මෘදුකාංගය ඇසුරෙන් වීඩියෝ පාඩමක් ලෙස.
11 ශ්‍රේණිය ගෘහ ආර්ථික විද්‍යාව - යසස්මි හේමචන්ද්‍ර මිය MS PowerPoint ඇසුරෙන් වීඩියෝ පාඩමක් ලෙස.
7 ශ්‍රේණිය විද්‍යාව හා තාක්ෂණවේදය (සිංහල මාධ්‍යය) - කුෂාන් හිග්ගොඩ මයා InShot App එක ඇසුරෙන් වීඩියෝ පාඩමක් ලෙස.
9 ශ්‍රේණිය විද්‍යාව හා තාක්ෂණවේදය (ඉංග්‍රීසි මාධ්‍යය) - කුෂාන් හිග්ගොඩ මයා InShot App එක ඇසුරෙන් වීඩියෝ පාඩමක් ලෙස.
මෙහි දී මා සඳහන් කර තිබෙන්නේ උදාහරණ කිහිපයක් පමණයි. එනමුත් මේ දුෂ්කර කාල සීමාවේ දී තම වගකීම පැහැර නොහැර සිටි මගේ ආචාර්ය මණ්ඩලයේ ආදරණීය ගුරු භවතුන් සියලු දෙනාම මම කෘතවේදීව සිහිපත් කරනවා.
එසේ ම මගේ ආදරණීය සාන්ත ආනාවියන් අතරේ විවිධ දුෂ්කරතා තිබෙන දරුවනුත් සිටිනවා. මේ පාඩම් එකකටවත් සම්බන්ධ වීමට නොහැකි වූ ඔබව අප කිසිදා අමතක කර නැහැ. පාසල් ආරම්භ වූ පසු ඔබට මේ සියලුම පාඩම් ඉගැන්වීමට අප සියලුම දෙනා බැඳී සිටිනවා. ඒ නිසා ඔබ තනි වෙලා නැහැ.
ඒ වගේම ආදරණීය දෙමාපියන්ටත් මා මගේ ස්තූතිය පුද කරනවා. ඔබ ඔබගේ දරුවන් වෙනුවෙන් අන්තර්ජාල ගාස්තු ගෙවමින් කෙසේ හෝ මේ දුෂ්කර වූ කාලසීමාවේදී පැවරුම් ලබා දීමට උත්සුක වූ ආකාරය මා හොඳින්ම දන්නවා.
සියලුම දරුවන්ට තාක්ෂණික වශයෙන් එක හා සමාන ව ඉගෙනීමේ පහසුකම් ලැබෙන දවස ඉක්මනින් එළැඹේවා යන්න අපගේ පැතුමයි !!!
GREAT .......!
ReplyDelete