CoViD-19 වසංගත තත්ත්වය හමුවේ අපට ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදුකරගෙන යාම සඳහා ආකාර තුනකට සිදුකල බව මම කලින් ලිපියෙන් ඔබට පැහැදිලි කලා.
ඇත්ත වශයෙන් ම මෙතන දී අපගේ දරුවන් සියලු දෙනාට ම මෙම ක්‍රමවේදයට අනුගතවන්නට නොහැකි බවත් අප මතක තබාගත යුතුයි. එනමුත් අපගේ ඇතැම් දරුවන් විසින් තමන් මාර්ගගතව ලබාගත් පැවරුම් එවැනි අපහසුතා තිබෙන දරුවන් වෙත ගොස් ලබා දීමට ද කටයුතු කර තිබුණු බවත් මම සතුටින් මතක් කරනවා.
මේ සියලුම ක්‍රමවේද යටතේ අපගේ දරුවන්ගේ සහ දෙමාපියන්ගේ ප්‍රතිචාර මැන බැලීමට අප වඩාත් උත්සුක වූවා. එමගින් වඩා ගුණාත්මක දුරස්ථ අධ්‍යාපනයක් ලබා දීමටයි අපට අවශ්‍ය වූයේ. එමනිසා අපි මාර්ගගත ක්‍රමයට මත විමසුමක් පවත්වනු ලැබුවා.
එමගින් අපට ලැබුණු ප්‍රතිචාරවල සාරාංශය ඔබට මෙතැනින් බලන්නට පුළුවන්. මේ ප්‍රතිචාර අනුව අපට කරුණු කිහිපයක් අවබෝධ වුණා.
අපගේ දරුවන් අතරින් 88% ක් ම ජංගම දුරකතන මගින් මෙම පැවරුම් ලබා ගැනීමට උත්සුක වීම එක කරුණක්.
වීඩියෝ මගින් ඉගැන්වීමට වැඩි කැමැත්තක් තිබීම තවත් කරුණක්.
සමස්තයක් වශයෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට සුබවාදී ප්‍රතිචාර ලැබී තිබුණා. මෙය NPS (Net Promoter Score) ආකාරයේ ගණනය කිරීමක්.

මෙම ගණනය සිදුවන්නේ මෙසේයි. දරුවන්ට අප 1 - 10 දක්වා ශ්‍රේණිගත කිරීමේ ප්‍රශ්නයක් ලබා දී තිබුණා.
ඒ අනුව 9 සහ 10 අගයන් වැඩියෙන් ලබා දුන් සංඛ්‍යාව ඉතා වැඩියි.
මේ ආකාරයේම මෙම මත විමසුමේ අප විසින් තවත් එක ප්‍රශ්නයක් දරුවන් වෙත යොමුකර තිබුණා. ඒ MS Teams පිළිබඳව ඔවුන්ගේ අදහස කුමක් ද යන්නයි.
එයට ඉහත අගයට වඩා දෙගුණයක ප්‍රතිචාර ලැබී තිබුණා. ඒ අනුව අපගේ 11 ශ්‍රේණියේ සිසුවියන් සඳහා කල නියාමන පරීක්ෂණය අතිශයින් ම සාර්ථක බව අපට වැටහුණා.

අපගේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය ජංගම දුරකතන භාවිතා කරන දරුවන්ට එතරම් සමීප නොවන නිසාත් ඔවුන්ට නව පැවරුම් ලැබීම පිළිබඳව දැනුම් දීමක් (notification) නොලැබීම නිසාත් ඒ සියලු අපහසුතා හැකිතරම් අවම කිරීමට සියලුම ශ්‍රේණිවල සිසුවියන්ට MS Teams හරහා පැවරුම් ලබා දීමට අපි කටයුතු කලා. ඒ අනුව මෙතෙක් ඉගෙනුම් කලමනාකරණ පද්ධතියට ඇතුළත් කල 6 - 13 ශ්‍රේණිවල සියලුම පැවරුම් MS Teams වෙත ඇතුළත් කර විෂයයන් අනුව Teams සාදා එම පැවරුම් යුහුසුළුව ඇතුළත් කිරීමට අපි කටයුතු කලා.
මෙමගින් අපගේ ගුරුභවතුන්ට ඉතා පහසුවෙන් පෙරට වඩා පැවරුම් ඇතුළත් කරන්නට හැකිවූවා. පරිගණක සාක්ෂරතාව අවම ගුරුභවතුන් පවා තම පවුලේ සාමාජිකයන්ගේ උදව් උපකාර ඇතිව එම පැවරුම් ඇතුළත් කරන්නට යුහුසුළු වූවා. එසේත් කිරීමට නොහැකි ගුරුභවතුන් අපගේ තොරතුරු තාක්ෂණ ගුරුභවතුන් හරහා දරුවන්ට පැවරුම් ලබා දීමට කටයුතු කර තිබුණා. අපගේ දමිළ අංශ ගුරුභවතුන් පවා එසේ කිරීමට පෙළඹුණා.
No comments:
Post a Comment