අද 2020/04/20 දා. අද දවස සාන්ත ආනාවට අතිශය වැදගත් ම දවසක්. ඒ මක් නිසා ද යත් 1920/04/20 දා වත්තල ප්‍රදේශයේ නාම සාන්තුවරිය වූ සාන්ත ආනා මුණිවරියගේ නමින් ආරම්භ වූ සාන්ත ආනා බාලිකා මහා විද්‍යාලය තම අභිමානවත් සියවස සමරන දවස අදයි.
එනමුත් කණගාටුවට කරුණ නම් එය සමරන්නට අපිට සොබාදහමෙන් ඉඩක් ලැබී නැහැ. ඒ වුනත් අපි එය අපගේ ජීවිතයට පාඩමක් කරගෙන ඒ ඔස්සේ අපගේ පරම යුතුකම වූ අධ්‍යාපනයේ නව මංපෙත් විවර කරගැනීමේ ව්‍යායාමයේ යෙදී සිටිනවා. ඒ ආකාරයෙන් අප යොමුවූ ක්‍රමවේද මොනවාද යන්න ඔබ වෙත පැහැදිලි කිරීමට මේ ලිපිය ලියන්නට මම යොමුවූවා.
පවතින CoViD-19 වසංගත තත්ත්වය එන්න එන්නම දරුණුවන තත්ත්වයක් තිබිය දී බොහෝ පාසල් විවිධ ක්‍රමවේද ඔස්සේ තම දරුවන්ට අධ්‍යාපන කටයුතු කරන්නට උත්සාහ කරන බව පේනවා. ඉතින් සාන්ත ආනාවත් ඒ සඳහා උත්සුක වූවා. අපේ ගුරුභවතුන් එකතු වී ක්‍රමවේද කිහිපයකට මුලින්ම ඒ සඳහා යොමුවූවා.

- WhatsApp මගින් කණ්ඩායම් සාදාගැනීම
- ඉගෙනුම් කලමනාකරණ පද්ධතිය හරහා පැවරුම් යැවීම
- MS Teams මගින් 11 ශ්‍රේණිය සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස පැවරුම් යැවීම
අපගේ පාසලේ ගුරුභවතුන් සියලු දෙනා එක් වී WhatsApp හරහා මීට වසර දෙකක පමණ සිට කණ්ඩායමක් සාදාගෙන සිටියා. ඒ හරහා අපගේ ඇතැම් ගුරුභවතුන් ඒ වන විටත් තම පන්තිවල සිසුවියන් සමග WhatsApp සමූහ සාදාගෙන තමන්ගේ ඉගැන්වීම් කටයුතු ආරම්භ කර තිබුණා.
සුහුරු පාසල් ව්‍යාපෘතිය යටතේ අපේ පාසලට ඉගෙනුම් කලමනාකරණ පද්ධතියක් ලැබී තිබෙන බව මම මීට කලින් ලිපියක පැවසුවා. ඉතින් එයින් උපරිම ප්‍රයෝජන ගැනීමට අපි උත්සාහ කලා.
පසුගිය වසරේ පාස්කු ප්‍රහාරයත් සමග අපේ පාසලේ ප්‍රථමවරට අත්හදා බැලීමක් ලෙස MS Teams භාවිතා කල බව මම මීට පෙර ලිපියක සඳහන් කලා.
මේ අතරේ දී නියාමන පරීක්ෂණයක් ලෙස MS Teams භාවිතයෙන් 11 ශ්‍රේණියේ සිසුවියන් සඳහා Office 365 මගින් පෞද්ගලික ගිණුම් නිර්මාණය කර විෂයන් අනුව Teams නිර්මාණය කර එක් එක් සිසුවියන් තමන් හදාරන විෂයන් වලට අනුව Teams තුළට ඇතුළත් කිරීම අප විසින් සිදුකරනු ලැබුවා. එමගින් අප බලාපොරොත්තු වුණේ සිසුවියක් MS Teams වෙත පිවිසුණු පසු තමන් කරන විෂයන් වල පැවරුම් පමණක් දකින්නට සැලැස්වීමයි. මේ සඳහා ජංගම දුරකතනයෙන් භාවිතා කල හැකි App එකක් තිබීම ද මේ අත්හදාබැලීමට එක් හේතුවක් වුණා.
එසේම ගුරුභවතුන්ට ද තම සිසුවියන් වෙත පැවැරුම් ලබා දීමත් එමගින් සිසුවියන් පැවැරුම් බලා තම ජංගම දුරකතනයෙන් උත්තර පත්‍ර ඡායාරූප ගතකර නැවත ලබා දීමත්. ගුරුභවතුන්ට ඒවායේ ඇති අඩුපාඩු පෙන්වා දීම් ආදිය සිදුකිරීමට මෙමගින් හැකිවූවා.
අපට අවශ්‍ය වූයේ අන් පාසල් එක් පසෙකට පමණක් (ගුරු භවතුන්ගෙන් --> සිසුන් වෙත) සන්නිවේදනය සිදුකරන අතරේ දෙපසට ම සන්නිවේදනය සිදුකරන ආකාරය කල හැකි ද යන්න අත්හදා බලන්නයි. MS Teams මගින් පසුගිය වසරේ ආරම්භ කරන ලද පියවර තවත් ඉදිරි පියවරක් ලෙස තබන්නට අපිට හැකිවීම ගැන මේ සියවසක අභිමානය සමරන මොහොතේ ඉතා සතුටින් මම දැනුම් දෙන්න කැමතියි.
No comments:
Post a Comment