නැණස සුහුරු පාසල් ව්‍යාපෘතියේ සුහුරු ගුරු තානාපතිවරු සඳහා වූ දෙවන පුහුණු වැඩසටහන 2017 නොවැම්බර් 21 වන දින කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අංශයේ පැවැත්වූවා.
මෙදින ඔවුන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා අළුත් දේවල් ඉගෙනගත් බවට මා වෙත වාර්තා කලා.
ඔවුන් එදින පළමුව ඉගෙන ගෙන තිබුණේ sway නම් App එකක් ගැනයි. එමගින් අපට අන්තර්ජාලය හරහා අපගේ පාඩම් ඉතාමත් ආකර්ෂණීය ලෙස සමර්පණයක් එහෙම නැත්නම් Presentation එකක් ලෙස සැදිය හැකි බව ඔවුන් පැවසුවා.
මෙහි විශේෂත්වය නම්, PowerPoint Presentation එකට වඩා ආකර්ෂණීය StoryLine එකක් ලෙස එය දැක්විය හැකිවීමයි. PowerPoint වගේම animation, sound, video වලට අමතරව සිතියම් ආදිය ද ඇතුළත් කල හැකිවීමයි.
අපගේ ගුරු තානාපතිවරු ද එමගින් යම් උත්සාහයක් දරා තිබුණා.
මීළඟට Office Mix ගැන ඉගෙනගත් බව ඔවුන් සඳහන් කලා. https://mix.office.com/en-us/Home ඒ සඳහා Office 2013 Service Pack 1 හෝ Office 2016 තිබිය යුතු බව ඔවුන් මට පැවසුවා.
මෙය PowerPoint සඳහා ඇතුළත් කල හැකි Add-On එකක් ලෙසයි මම වටහා ගත්තේ. එමගින් ගුරු භවතුන්ට, තමන්ගේ පාඩම් වීඩියෝ ලෙස ඉදිරිපත් කිරීමේ දී තමන්ගේ වීඩියෝ එකක් සහ පැහැදිලි කිරීම්, WebCam සහ මයික්‍රෝෆෝනය භාවිතා කරමින් කල හැකි බව මට නිරීක්ෂණය වුණා. ඒක හරියට අපි White Board එකක ලියනවා වගේ ලියන්නත් පුළුවන් කියලා මට තේරුණා.
එසේම අප විසින් එසේ සකස් කරගත් වීඩියෝ පල කිරීම සඳහා YouTube අප කවුරුත් දන්නා ජනප්‍රිය වෙබ් අඩවියේ ගිණුමක් සාදාගන්නා ආකාරය ද ඔවුන් ඉගෙනගෙන තිබුණා. ඒ හරහා අපේ ශ්‍රී ලාංකික ජනප්‍රිය යූ ටියුබ් නාලිකා ගැන ද ඔවුන් දැනුවත් වූ බව මට දැනගන්නට ලැබුණා.
අපි හැමෝම අතරේ දැන් ජනප්‍රිය වෙලා තියෙන, දරුවන්ගේ අධ්‍යාපනයට ඕනෑම තොරතුරක් ලබා ගන්න පුළුවන් විශ්වකෝෂයක් වන විකිපීඩියා Wikipedia හි අපේ ලිපි පල කරන හැටිත් මේ පුහුණු සැසියේ දී සඳහන් කරලා තිබුණා.
එතකොට ගුරුභවතුන්ට වැදගත් තවත් Apps වර්ග ගැනත් කියා දී තිබුණා.
No comments:
Post a Comment