මම කලින් පල කරපු බ්ලොග් පෝස්ට් එකේ තිබුණා අපේ පාසලේ සුහුරු ගුරු තානාපතිවරු පළමු පුහුණු සැසියට සහභාගී වීම ගැන. 2017 නොවැම්බර් 14 වන දා ඔවුන් කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය විසින් මෙහෙය වූ එම පුහුණු සැසියට සහභාගී වීම මගින් බොහෝ දේවල් ඉගෙනගත්තා කියලා මට දැනගන්න ලැබුණා.
ඒ නිසා ම ඊට පහුවදා ම එනම් 2017 නොවැම්බර් 15 වන දා ඉතාම ඉක්මනින් ම මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අපේ පාසලේ ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනාම කැඳවා රැස්වීමක් පැවැත්වූවා.
එහිදී මවිසින්, අපේ ගුරු තානාපතිවරුන්ට තමන් ලද අත්දැකීම් විස්තර කර දෙන්නට අවස්ථාවක් ලබා දුන්නා. එම අවස්ථාවේ ඡායාරූප.
මෙහි දී අපට තිබුණු ඊළඟ අභියෝගය තමයි ගුරු කව පිහිටුවීම. ඒ සඳහා අපේ තානාපතිවරු සහ විජිනි සුගන්ධි පතිරාජ මහත්මිය එක්ව ප්‍රශ්නාවලියක් සකසා තිබුණා. එමගින් අපි බලාපොරොත්තු වුණේ අපේ ගුරු භවතුන්ගේ පරිගණක සාක්ෂරතාව ගැනත් මේ ව්‍යාපෘතිය ගැන ඔවුන් දක්වන උනන්දුව ගැන විමසා බැලීමයි.
එම ප්‍රශ්නාවලියට එම රැස්වීම වෙලාවේ දී ම පිළිතුරු සපයා ඔවුන් ලබා දුන්නා.
ඉන් පසුව එම ප්‍රශ්නාවලියට පිළිතුරු සපයා ඇති ආකාරය අනුව, පලවෙනි අදියරේ එක් තානාපතිවරයෙකුට 10 දෙනෙක් බැගින් ඔවුන් විසින් ම ගුරු භවතුන් 30 දෙනෙක් තෝරා පත් කරගත්තා. මෙහි දී පරිගණක සාක්ෂරතාව සාපේක්ෂව අඩු එනමුත් මේ වැඩපිළිවෙලට ඉතා ම කැමැත්තෙන් ඉන්න ගුරු භවතුන්වත් තෝරාගන්න අපේ තානාපතිවරු අමතක කලේ නැහැ.
ඉතින් මෙහෙම පිහිටුවා ගත් අපේ ගුරුකව තුනට පලවෙනි ම වතාවට වෙන ම රැස්වීමක් කැඳෙව්වා. ඒ ගැන තොරතුරු ඉදිරි බ්ලොග් පෝස්ට් එකෙන් බලන්න පුළුවන්.
No comments:
Post a Comment