සාන්ත ආනාව සුහුරු පාසලක් කිරීමේ ව්‍යාපෘතිය යටතේ අපගේ පාසලේ යම් යම් අත්හදාබැලීම් කරන්නට මම උපදෙස් දුන්නා. ඒ යටතේ අපේ ගුරුභවතුන්ට සහ සිසුවියන්ට Office 365 ගිණුම් සකසා දුන්නා.
ඒ හරහා ඇතැම් ගුරුභවතුන් OneNote මෘදුකාංගය භාවිතා කරමින් තම පාඩම් මාලාවන් සිසුවියන්ට ඉදිරිපත් කරන්නට කටයුතු සැලැස්වූවා. මෙහි ඇති විශේෂ වාසියවන්නේ, සිසුවියන්ට නිවසේ සිටම වුණත් තම පාඩම් මාලාවන් බැලීමට හැකිවීමයි. පාසල් කාලය තුළ දී වූවත් මෙය සාර්ථකව අත්හදා බැලීමට හැකි වී තිබෙනවා.
මීට අමතරව එසේම Sway App එක භාවිතා කරමින් ද අපගේ ගුරු භවතුන් ඉතා සාර්ථකව තම පාඩම් මාලාවන් දැන් ඉදිරිපත් කරනවා. E Board එක භාවිතා කරමින් ඉතා සාර්ථකව මේ කටයුතු කරන නිසා විශේෂයෙන්ම භූගෝලය, ඉතිහාසය වැනි විෂයයන් ඉගැන්වීමට පහසුවක් වී ඇති බව අපේ ගුරුභවතුන්ගේ ප්‍රතිචාර මගින් දැනගන්නට ලැබුණා.
දැන් ඒ නිසා ඇත්තටම E Board එකට පන්තිය වෙන් කරගන්නට පුදුම තදබදයක් ඇතිවෙලා තියෙන්නේ!!!
No comments:
Post a Comment