සාන්ත ආනා ඉතිහාසයේ විශාල පෙරළියක් කරමින් 2018 වසරේ පළමු වාරයේ විභාග ළකුණු Office 365 ගිණුම් හරහා අපේ ගුරුභවතුන් ඇතුළත් කලා.
අපේ පාසලේ සියළුම ගුරු භවතුන්ට Office 365 ගිණුම් සාදා දී ඇති නිසා ඔවුන්ට මේ කාර්යය කිරීමට හැකිවුණා. අපගේ සුහුරු ගුරු තානාපතිවරු වන පසන් හෙට්ටිආරච්චි, එස්. කුමරගුරු සහ මාධව විජේසේකර සහ තොරතුරු තාක්ෂණ ගුරුතුමිය වන සකුන්තලා රත්නායක යන මහත්ම මහත්මීන් එකතු වී මෙම කර්තව්‍යය සකස්කලා.
ඔවුන් විසින් පාසලේ පළමුවාරය සඳහා පැවැත්වූ අවසාන ගුරු රැස්වීමේ දී මේ පිළිබඳ ව දැනුවත් කිරීමක් Multimedia Projector මගින් සිදුකලා. ඒ සමගම සියළුම ගුරු භවතුන්ට උපදෙස් පත්‍රිකාවක් සහ තම තමන්ගේ Username සහ තාවකාලික Passwords ඔවුන් විසින් ලබා දුන්නා.
එමගින් පරිගණක දැනුම නැති ගුරු භවතුන් පවා තමන්ගේ පවුලේ සාමාජිකයන්ගේ හෝ සිසුවියන්ගේ උපකාරයෙන් තම පන්තිවල වාරවිභාග ළකුණු ඇතුළත් කර තිබුණා.
සියළුම පන්තිභාර ගුරු භවතුන්ට තම පන්තිවලට අදාලව Excel Sheet එකක් සකසා දී OneDrive for Business හරහා Share කර තිබුණු අතර ඔවුන් විසින් ඒ හරහා අන්තර්ජාලය මගින් ළකුණු ඇතුළත් කර තිබුණා.
- 6 - 9 ශ්‍රේණි
- 10 - 11 ශ්‍රේණි
- 12 - 13 ශ්‍රේණි
යනුවෙන් වර්ග තුනක් යටතේ එක් එක් අංශවලට අදාල විෂයයන් ඇතුළත් කරනලද Excel Sheets ඔවුන්ට Share කර තිබුණා.
මෙහි විශේෂ වාසිය වන්නේ, පන්ති භාර ගුරු භවතුන්ට ස්වයංක්‍රීයව තමා ඇතුළත් කරන ලද ළකුණු වලට අදාලව, එක් එක් සිසුවියගේ මුළු ළකුණු, සාමාන්‍යය සහ පන්තියේ ස්ථානය ස්වයංක්‍රීයව ගණනය කර පෙන්වීමයි. මෙහි දී 1,2,3 ස්ථාන කහ පැහැයෙනුත් සහ 4 - 10 ස්ථාන කොළ පැහැයෙනුත් පෙන්වනවා. එමගින් පන්තියේ පළමු ස්ථාන ලබාගත් 10 දෙනා පැහැදිලිව වෙන් කර හඳුනාගන්නට පුළුවන්.
මීට අමතරව එක් එක් විෂයේ දී ළකුණු 40ට අඩු ලබාගත් සිසුන් රෝස වර්ණයෙන් පෙන්වනවා.
ඊටත් අමතරව විශේෂ කාර්යය වන්නේ එක් එක් විෂයයන් සඳහා ළකුණු 10 ක පන්ති ප්‍රාන්තර අනුව ස්වයංක්‍රීයව ළකුණු විශ්ලේෂණය කර පෙන්වීමයි. මෙය කොතරම් අපගේ ගුරු භවතුන්ට පහසුවක් වී ද කිවහොත්, මීට පෙර ඔවුන් විසින් ළකුණු විශ්ලේෂණය සඳහා සෑහෙන කාලයක් ගත කල අතර මෙවර එය විශාල වශයෙන් කාර්යය පහසු වී තිබුණා.
මෙම ක්‍රමය නිසා පහසුවෙන් මුද්‍රිත පිටපතක් ලබා ගැනීමට පවා හැකියි. තවද එක් එක් පන්තිභාර ගුරු භවතා සඳහා Share කර ඇත්තේ තමාට අදාල පන්තියේ Excel Sheet එක පමණයි.
- ශ්‍රේණි භාර ගුරුභවතුන්ට තමාට අදාල ශ්‍රේණියේ Excel Sheets ද
- අංශ භාර ගුරුභවතුන්ට තමාට අදාල අංශයේ Excel Sheets ද
- විදුහල්පතිනිය වශයෙන් මා හට, නියෝජ්‍ය විදුහල්පතිවරුන්ට, සුහුරු ගුරු තානාපතිවරුන්ට සහ තොරතුරු තාක්ෂණ විෂය ගුරු භවතුන්ට පමණක් සියළුම Excel Sheets ද
Share කර තිබෙනවා.
එසේම සිසුන්ගේ නම්, ළකුණු ඇතුළත් කරන Excel Sheet Cells හැර අනෙකුත් Cells සියල්ලම (එකතුව, සාමාන්‍යය සහ පන්තියේ ස්ථානය, පන්ති ප්‍රාන්තර ඇතුළුව) Lock කර තිබෙන්නේ. දත්තවල ආරක්ෂාව සම්බන්ධයෙන් අප මෙවැනි පියවර අනුගමනය කර තිබෙනවා.
මෙය අප විසින් අත්හදාබැලීමක් ලෙස පළමුවරට සිදු කරන ලද අතර එය ඉතා සාර්ථක බව ඉමහත් සතුටින් මම ප්‍රකාශකරනවා. අනාගතයේ දී අපගේ ගුරු භවතුන්ගේ ප්‍රතිචාර විමසා මෙහි යාවත්කාලීන කටයුතු කිරීමට මමත් මගේ සුහුරු ගුරු තානාපතිවරු සහ තොරතුරු තාක්ෂණ ගුරුභවතුන් බලාපොරොත්තුවෙනවා.
සුහුරු පාසැලක් පියවරෙන් පියවර බිහිවෙන අපූරුව....
ReplyDeleteWell done teachers..great work
ReplyDelete