අපේ පාසල සුහුරු පාසලක් කිරීමේ වැඩසටහනේ තවත් පියවරක් ඉදිරියට තබමින්, 2018 මැයි 10 දා අපගේ සුහුරු කව සාමාජිකයින් පුහුණු සැසියකට සහභාගී වුණා. එය මෙතෙක් සාන්ත ආනාවේ පැවැත්වූ විශාලතම ගුරු පුහුණු සැසියයි. මීට අමතරව සුහුරු කවයේ තෝරාගත් සිසුවියන් කිහිපදෙනෙකුත් සහභාගී වුණා. ඒ සඳහා HeadStart ආයතනයේ නියෝජිත මහත්වරුන්ගේ සහයෝගය ද අපට ලැබුණා. ඒ සඳහා ඔවුන්ට මගේ හද පිරි ස්තූතිය පිරිනමනවා.
පළමුව අපගේ ගුරු භවතුන් වෙනුවෙන් E-Board එක භාවිතා කරන ආකාරය ගැන ඔවුන් පුහුණුවක් පැවැත්වූවා. එහි දී අපගේ ගුරුභවතුන්ට ඒ සම්බන්ධයෙන් අත්දැකීමක් ලබා දෙන්නටත් ඔවුන් සමත් වුණා.
https://photos.google.com/photo/AF1QipMGtIn0kX1FFBw-uo8zW51ci7jrbaXjumVkn5sF
ඉන්පසුව පරිගණක විද්‍යාගාරයේ සැසියේ දෙවන භාගය පැවැත්වුණා. එහි දී අපගේ ගුරු භවතුන් සහ සිසුවියන්, Office Forms හරහා ප්‍රශ්න පත්‍ර නිර්මාණය කරන ආකාරයත් එමගින් Online Examination එකක් පවත්වන ක්‍රමවේද ගැනත් පුහුණුවක් ලබාගත්තා.
මේ සැසියට අපේ ගුරු භවතුන් කොතරම් උනන්දු වූවා ද කිව්වොත් තමන්ගේ Laptop පරිගණක පවා ගෙනවිත් ඒ සියලු ක්‍රියාකාරකම් කරන්නට ඔවුන් පෙළඹුණා. එය ඉමහත් සතුටට කාරණයක්. ඇතැම් ගුරුභවතුන් තමන්ගේ ජංගම දුරකතනයෙන් පවා එම ක්‍රියාකාරකම් කරන්නට උත්සුක වූවා.
No comments:
Post a Comment