එකිනෙකාට එකිනෙකා උදව් කරගන්න එක අද සමාජයේ ගොඩක් තුරන් වෙලා යන දෙයක් බවට පත්වෙලා. සමහරු තමන්ට වඩා තවත් කෙනෙක් ඉහලට යන එක නවත්තන්න ගොඩක් උත්සාහ කරනවා. ඒ අය හිතනවා ඒකෙන් තමන්ට ලොකු ප්‍රයෝජනයක් තියෙනවා කියලා. ඒත් මම හිතන්නේ ඒක සහමුලින්ම වැරදි මතයක්.
ඊට අමතරව සමහරු හිතනවා මම හැමදේම දන්නවා කියලා. නොදන්න දෙයක් නැහැ කියලා. තමන් නොදන්න දෙයක් තවත් කෙනෙකුගෙන් ඉගෙනගන්න තියෙන අකමැත්ත නිසා මෙවැනි මත දරන අයත් ඉන්නවා.
තවත් සමහරු තමන් දන්න දේ අනිත් අයට කියලා දෙන්න කැමති නැහැ. ගුරු මුෂ්ටි තියාගෙන වගේ ඉන්න හදනවා.
ඉතින් අපිට පුළුවන් නම් පාසලක් හැටියට ටිකක් හරි මේ මතවාදය දුරුකරන්න ඒක සමාජයට කෙරෙන යහපතක් හැටියට මම විශ්වාස කරනවා. අපේ සුහුරු පාසල් ව්‍යාපෘතිය යටතේත් අපි එවැන්නක් කරන්නට පටන් ගත්තා.
සුහුරු පාසල් ගුරු කවයේ අපේ ඉන්න ඇතැම් ගුරුභවතුන්ට පරිගණක සාක්ෂරතාව මදි. ඒ ගැන ඔවුන් පවසන්න ලැජ්ජාවට පත්වෙන්නේ නැහැ. හැබැයි ඔවුන්ට උනන්දුව තියෙනවා ඒ තත්ත්වයෙන් මිදෙන්න. මොකද සුහුරු පාසලක් හැටියට යන ගමනේ දී අපි ඒ අයවත් අරගෙන යන්න ඕන.
තවත් විදියකට කියනවා නම්, අපි පන්තියක උගන්වන කොට දුර්වල ළමයි හඳුනාගත්තාට පස්සේ ඒ අයව හැමදාම දුර්වල අය කියලා ලේබල් කරන්නේ නැහැනේ. කොහොමහරි ඒ අයවත් උනන්දුකරවලා ඉදිරියට ගන්න උත්සාහ කරනවා. ඉතින් මේකත් එවැනි ම වැඩක් කිව්වොත් නිවැරදියි.
මේ නිසා සෑම සඳුදා දිනකම පාසල අවසන් වූවාට පසු අපේ එවැනි ගුරුභවතුන් වෙනුවෙන් නොමිලේ පැයක් පන්ති පවත්වන්න අපේ සුහුරු ගුරු තානාපතිවරු තිදෙනාත් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ගුරුතුමිය වන සකුන්තලා රත්නායක මහත්මියත් උනන්දුවෙනවා.
මෙහි විශේෂත්වය නම්, දමිළ මාධ්‍ය සහෝදර ගුරු භවතුන් පවා සහභාගී වීමයි. ඒ අයත් කොහොමහරි සිංහල මාධ්‍යයෙන් උගන්වන දේ තේරුම් අරගෙන මේ කාර්යයේ නිරත වෙනවා.
ඉතින් ශක්තිමත් දෙවන පෙළක් හදන්න නම් මෙවැනි උත්සාහයක් දැරිය යුතුමයි. හේතුව දැන් දරුවෝ අපිට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නේ තාක්ෂණය පැත්තෙන්. ඉතින් කොහොමහරි මේ අයට සමගාමීව ගුරුභවතුන් සිටිය යුතුයි.
මුල සිටම එනම්, පරිගණකයක් නිවැරදි ව Switch On කිරීමටත් Shut down කිරීමටත් කියලා දෙන්න කියලා ඔවුන් ඉල්ලා සිටි බව මට දැනගන්නට ලැබුණා. ඒ කියන්නේ තමන් නොදන්නවා කියන පදනමෙන් පටන්ගත්තාම ගමනක් යන්න ලේසියි කියන එක ඔවුන් තේරුම් අරගෙන ඉන්නවා. ඒ කරුණ මම මෙහෙම කියලා අවසන් කරන්නම්.
පළවෙනි දවසේ ආවේ පරිගණකයක් හරියට On / Off කරන්නවත් බැරි අය. හැබැයි ඊළඟ සතියේ ඒ අය තනියම පරිගණකය On කරගත්තා විතරක් නෙමෙයි, පන්තිය අවසානයේ තමන් වැඩකරපු පරිගණකය තනියම Shut down කරලා තමයි ඔවුන් යන්න ගියේ !!!!!
පළවෙනි දවසේ ආවේ පරිගණකයක් හරියට On / Off කරන්නවත් බැරි අය. හැබැයි ඊළඟ සතියේ ඒ අය තනියම පරිගණකය On කරගත්තා විතරක් නෙමෙයි, පන්තිය අවසානයේ තමන් වැඩකරපු පරිගණකය තනියම Shut down කරලා තමයි ඔවුන් යන්න ගියේ !!!!!
No comments:
Post a Comment