සියවස් ජුබිලියට පා තබන සාන්ත ආනා බාලිකා මහා විද්‍යාලයට තවත් ආලෝකයක් එක් කරමින් 1986 වසරේ ආදි ශිෂ්‍යාවන්ගෙන් තවත් සුහුරු පන්ති කාමරයක් අප වෙත 2019-06-04 දින පරිත්‍යාග කරනු ලැබුවා.
මීට පෙර 1983 කණ්ඩායමෙනුත්, පාසලේ ආදි සිසුවියන්ගේ සංගමයෙනුත්, කලාප අධ්‍යාපන කාර්යාලයේ අනුග්‍රහයෙනුත් අපට සුහුරු පන්ති කාමර ලැබුණ අතර මේ සමගම අප පාසලේ ඇති සුහුරු පන්ති කාමර ගණන 4 ක් දක්වා ඉහල නැංවුණා.
වසර සියයක් සපුරන ආනාවෙන් රටට දැයට වැඩදායක දියණිවරු බිහිකර ඇති බව පසක් කරමින් ඔවුන් විසින් තමා උගත් පාසලට කෘතගුණ සැලකූ ආකාරය ගැන මා විස්තර කරනවාට වඩා පහළින් ඇති වීඩියෝ එක නැරඹීමෙන් ඔබට වැටහෙනු ඇතැයි මම සිතනවා.
No comments:
Post a Comment